30 March 2021

පළාත් පාලන සතිය – මහජන උපයෝගීතා දිනය

  1. “පුනරුදයක පුරවර” පළාත් පාලන සතියේ හයවන දිනයට යෙදී තිබු “මහජන උපයෝගිතා හා ක්‍රීඩා දිනය “වෙනුවෙන් නොච්ච්යාගම ප්‍රාදේශිය සභාව විසින් සංවිධානය කරන ලද නොච්ච්යාගම රාජ්‍ය ආයතන අතර සුහද ක්‍රිකට් තරගාවලිය 2025/09/20 වන දින නොච්ච්යාගම ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගනයේදි ඉතා සාර්ථකව පවත්වන ලදි.
  2. මෙහිදී මෙම තරගාවලියේ ශූරතාවය නොච්ච්යාගම ‍රෝහල් කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාවය නොච්ච්යාගම පොලිස් ස්ථාන කණ්ඩායම දිනාගන්නා ලදී.
  3. ජයග්‍රහකයන්ට කුසලාන සහ මුදල් ත්‍යාග අද දින එනම් 2025/09/21 වන දින සවස 6.00 නොච්ච්යාගම ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේදි නොච්ච්යාගම ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාප්ති උළෙලේ දී පිරිනමනු ලබයි.

Top